බ්‍රිතාන්‍ය මහ රැජින වාසය කරන බකිංහැම් මාලිගය ස්ටර්ලිං පවුම් මිලියන 150ක වියදමෙන් ප්‍රතිසංස්කරණය කිරීමට සූදානම් වෙයි.
ඒ අනුව, අදාළ ප්‍රතිසංස්කරණ කටයුතුවලට ඉඩ සලසමින් මහ රැජින මාලිගයෙන් ඉවත්වනු ඇති බව බී.බි.සී.ය පවසයි.
අවසන් වරට 1952 වසරේදී මාලිගයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුව ඇති අතර, එහි අපජල පද්ධතියේ හා විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම පාහේ නවීකරණය කළ යුතුව ඇති බව පැවසෙයි.