බංග්ලාදේශයේ, ඩකා නුවර රෙදි මෝලකදී සිදුවූ අතිශය ඛේදනීය සිදුවීමක් මුල් කරගෙන වයස අවුරුදු 13ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඩකා නාර්යන්ගන්ජ් දිස්ත්‍රික්කයේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, පොලීසිය පවසන්නේ ඔහු සමග එම රෙදි මෝලේ සේවය කළ ඔහුගේ අනෙක් සගයා විසින් අධිබල හුලං පොම්පයක් මෙම 13 හැවිරිදි දරුවාගේ ගුද මාර්ගයට ඇල්ලීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
රෙදි මෝල්වල සේවය කරන්නන් සවස වැඩමුරය අවසන් වීමෙන් පසු තම ඇඳුම්වල ඇති නූල් කැබලි ඉවත්කිරීම සඳහා මේ ආකාරයේ අධිබල හුළං පොම්පයක ආධාරය ලබාගැනීම එරට සාමාන්‍යයෙන් සිදුවන්නකි.
ඒ අනුව, මෙය ඝාතනයක්ද, නැත්නම් විනෝදයට සිදුකළ ක්‍රියාවක් දුරදිග යෑමෙන් සිදුවූවක්ද යන්න පිළිබඳව පර්යේෂණ ආරම්භ වී ඇති බවත්, මෙම සිද්ධියට සම්බන්ධ නව යොවුන් වියේ තරුණයා හා ඔහුගේ පවුලේ උදවිය පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් එරට මාධ්‍ය පවසයි.
මෙම වසර තුළ බංග්ලාදේශයේ මේ ආකායේ සිදුවීමක් වාර්තා වූ තෙවැනි අවස්ථාව බවට මෙය පත්ව තිබේ.