බංග්ලාදේශයේ LGBT සඟරාවේ කර්තෘ ෂුල්හාස් මනාන්ගේ ඝාතනය අල්-කයිඩා සංවිධානයට සම්බන්ද අන්සාර් අල්-ඉස්ලාම් සටන්කාමීන් විසින් භාරගෙන තිබේ.
බෑග්ඩෑඩ් නුවර ඔහුගේ නිවසේදී සිදුවූ මෙම ප්‍රහාරයේදී කර්තෘවරයා මෙන්ම, එම අවස්ථාවේදී ඔහු සමග සිටි ටනෙයි මොජුම්දාර් නමැති රංගන ශිල්පියාද ඝාතනය වී ඇත.
මේ අතර, බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මෙම මරණ සම්බන්ධයෙන් එරට විරුද්ධ පක්ෂයට චෝදනා කර සිටියත්, ඔවුන් එය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.
පසුගිය සෙනසුරාදා දිනයේදී එරට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු ඉස්ලාම් අන්තවාදීන්ගේ පිහි ප්‍රහාරයකින් ඝාතනය වී දින කිහිපයකට පසුව මෙම ඝාතනද සිදුවිණි.