පෝර්ටෝ රිකෝ දූපතේ යටිතල පහසුකම් හා විදුලි පද්ධතියට බරපතළ හානි සිදුකරමින් බලපෑ මාරියා සුළි කුණාටුවෙන් මාස හතකට පසුව එහි ප්‍රබල විදුලි බිඳ වැටීමක් වාර්තා වේ.
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් මෙම දූපතේ විදුලි අධිකාරිය ලෙස කටයුතු කරන ප්රෙපා ආයතනය පවසා සිටියේ මිලියන 3.4ක් පමණ වන ජනතාවට බලපා ඇති මෙම විදුලිය බිඳ වැටීම යථාතත්ත්වයට පත්කිරීම සඳහා පැය 24 - 36ත් අතර කාලයක් ගතවනු ඇති බවයි.
දූපත ආශ්‍රිතව සිදුවූ විශාලතම හා ප්රබලතම විදුලි බිඳ වැටීම මෙය බව බලධාරීහු සඳහන් කරති.
ඒ අනුව, දූපතේ ආරෝග්‍ය ශාලාවන්, සැන් ජුආන් ගුවන් තොටුපොළ, ජල පොම්පාගාර සහ මූල්‍ය පද්ධති වෙත හැකි ඉක්මණින් විදුලිය සැපයීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවද සඳහන් වෙයි.