පොලිස් මූලස්ථානයට පහරදෙමින් රුසියානු හිතවාදීන් බේරා ගනී
- 5 05 2014
- 11:17
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
නැගෙනහිර යුක්රේනයේ ඔඩෙස්සා නගරයේදී පසුගිය සිකුරාදා ඇතිවූ ගැටුම්වලින් අත්අඩංගුවට ගැනුණු රුසියානු හිතවාදී උද්ඝෝෂකයන් නිදහස් කිරීමට පොලීසිය ක්රියාකර තිබුනේ, එහි ප්රධාන පොලිස් මූලස්ථානය වෙත රුසියානු හිතවාදීන් ප්රහාරයක් එල්ල කිරීමත් සමගිනි.
සිය ගණනක් වූ රුසියානු හිතවාදීන් පොලිස් මූලස්ථානයට කඩා පනිමින්, එහි දොර ජනෙල් බිඳ දමමින් ප්රචණ්ඩකාරී ලෙස හැසිරෙන ආකාරය දැකිය හැකිවිය.
කෙසේ වෙතත් පසුගිය සිකුරාදා ඇතිවූ ගැටුම්වලින් රුසියානු හිතවාදීන් 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූයේ යුක්රේන හිතවාදීන් විසින් ඔවුන් රැඳී සිටි ගොඩනැගිල්ලක් වෙත පෙට්රල් බෝම්බ දමා ගැසීමත් සමගිනි.
කෙසේ වෙතත් යුක්රේන අන්තර්වාර අගමැතිවරයා පසුගිය සිකුරාදා ඇතිවූ ගැටුම් පාලනය නොකළ බවට එරට පොලීසියට චෝදනා කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

