පෙර නොවූවිරූ අයුරින් කොරල් විරංජනය වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරයෙන් තුනෙන් දෙකකට පමණ හානි පැමිණ තිබේ.
කොරල් විරංජනය හෙවත් ඒවායෙහි වූ ඇල්ගී විනාශ වීම මෙම මහා බාධක කොරල් පරයේ කිලෝ මීටර් 1,500ක් දුරට විහිදෙන බව ගුවන් නිරීක්ෂණයක් මගින් තහවුරු වී ඇති බව විද්‍යාඥයෝ පවසති.
පසුගිය වසරේදී මෙම කොරල් පරයේ උතුරු කොටසට විරංජනය හේතුවෙන් දැඩි හානි සිදුව තිබුණත්, මෙවර එහි මධ්‍යය කොටසට හානි සිදුව ඇති බව කියැවේ.
මේ ආකාරයෙන් කොරල් විරංජනය වළක්වා ගැනීමට නම් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වෙනුවෙන් අප මීට වඩා කඩිනම් විසඳුම් සෙවිය යුතු බව ජේම්ස් කුක් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටෙරී හියුස් අවධාරණය කරයි.