(UPDATE) පෘතුගාලයට බලපෑ අතිශය දරුණු ලැව්ගිනි තත්ත්වය නිසා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 57 දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසති.
පෘතුගාලයට බලපෑ අතිශය දරුණු ලැව්ගිනි තත්ත්වයක් හේතුවෙන් පුද්ගල මරණ 43ක් සිදුව ඇති බව බලධාරීහු පවසති.
කොයිම්බ්‍රා නගරයට ගිණිකොණ දිගින් වූ පේඩ්රෝගාඕ ග්‍රැන්ඩේ ප්‍රදේශයෙන් තම මෝටර් රථවල නැගී පළා යාමට උත්සාහ කළ වැඩි පිරිසක්ද මෙම මියගිය අය අතර වන බව සඳහන් වේ.
එමෙන්ම, මෙම ලැව්ගින්නෙන් තුවාල ලැබූ 59 දෙනෙකු පිළිබඳ වාර්තා වන අතර, එම තුවාලකරුවන් අතර ගිනි නිවන භටයන් පිරිසක්ද වෙති.
"ලැව්ගිනි පිළිබඳව වාර්තා වීමේදී මෑත කාලයේදී අප මුහුණදෙන දරුණුතම ඛේදවාචකයක් ලෙස මේ ආපදා තත්ත්වය සැලකීමට පුළුවන්" යැයි අගමැති අන්තෝනියෝ කොස්තා පවසයි.
මේ අතර, ලැව්ගින්නේ මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බවද පෘතුගාලයෙන් ලැබෙන වාර්තා වැඩිදුරටත් පවසයි.