දකුණු කොරියාවේ සංගීත ප්රසංගයක් අතරතුර අසල තිබූ වේදිකාවක් කඩා වැටී අඩි 33 ක් පමණ ප්රපාතයකට වැටුණු පුද්ගලයන් 16 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් සමග එම ප්රසංගය සංවිධානය කළ තැනැත්තාද සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි.
සංගීත ප්රසංගය හොඳින් නැරඹීමේ අටියෙන් අසල තිබූ වේදිකාවක් මතට නැගී එය නරඹද්දී ඉන් කොටසක් කඩා වැටීමත් සමග එම වේදිකාවට පහළින් අඩි 33ක් පමණ ගැඹුරින් වූ වාහන නැවතුම් අංගනය වෙත එම පිරිස ඇද වැටී ඇත. මින් පුද්ගලයන් 16 දෙනෙකු මියයද්දී තවත් 11 දෙනෙකු පමණ බරපතල තුවාල ලබා තිබේ.
මේ අතර, අද දිනයේදී 37 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණයක් වාර්තා වී ඇති අතර, මොහු උත්සවය සංවිධානය කළ ප්රධානියෙකු මෙන්ම, එහි ආරක්ෂාව භාරව කටයුතු කළ තැනැත්තා ලෙස හඳුනාගෙන තිබේ.
පොලිස් ප්රශ්න කිරීම්වලින් පසුව ඔහු අසල තිබූ මහල් 10ක ගොඩනැගිල්ලකින් බිමට පැනීමෙන් සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි.