වසර 20කට ආසන්න කාලයක් තම පුතා කූඩුවක සිරකර තැබූ ජපාන ජාතික 73 හැවිරිදි පියෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
යොෂිටානේ යමසාකි නැමති මෙම පියා පවසන්නේ 42 හැවිරිදි වියේ පසුවූ තම පුත්‍රයා මේ ආකාරයෙන් සිරකර තැබුවේ ඔහු මානසික ආබාධයකින් පෙලුණු නිසා බවයි.
ඇතැම් අවස්ථාවල ඔහු දරුණු හැසිරීමක් පෙන්නුම් කිරීමත් මේ ආකාරයෙන් සිරකර තැබීමට හේතුවක් බව පියා පවසා තිබේ.
කෙසේ වෙතත්, මීටර් 1ක් උස මීටර් දෙකක් පළල ලී කූඩුවක සතෙකු ආකාරයෙන් මනුෂ්‍යයෙකු සිරකර තැබීම නිසා මෙම පුතාගේ බෙල්ල නැවී ඇති බවත්, ඔහු මානසික ආබාධයට අමතරව එම අපහසුවෙන්ද පීඩා විඳින බව බලධාරීහු පවසති.
ඔවුන් විශ්වාස කරන්නේ මෙම පියා දරුවාට වයස අවුරුදු 16 සිට ඔහු මේ ආකාරයෙන් සිරකර තැබීමට කටයුතු කර ඇති බවයි.