උතුරු කොරියාවේ හිටපු නායක කිම් ජෝන්ග්-ඉල්ගේ වැඩිමහල් පුතා ඝාතනය වී තිබියදීත්, හිටපු නායකයාගේ උපන්දිනය සිහිපත් කරමින් එරට පියොන්යැන්ග් චතුරස්රයේදී උත්කර්ෂවත් සැමරුම් උත්සවයක් පැවැත්විණි.
මැලේසියාවේදී සිය අර්ධ සහෝදරයා ඝාතනය වී, ඒ පිළිබඳ මහත් ආන්දෝලනයක් පවතින අවස්ථාවක වත්මන් උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන් මෙම සැමරුමේ ප්රධාන ආරාධිතයා ලෙස පැමිණියේය. මෙම දිනය උතුරු කොරියාවේ වඩාත් ප්රකට නිවාඩු දිනයක් ලෙස සැලකෙයි.
කෙසේ වෙතත්, මෙම උත්සවයට සහභාගී වූ වැඩි දෙනෙකු කිම් ජෝන්ග්-නැම් හෙවත් හිටපු නායකයාගේ වැඩිහමලු පුත්රයාගේ ඝාතනය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් අනාවරණය කර නොගෙන සිටි බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එසේ තිබියදී, උතුරු කොරියානුවන් හිටපු නායක කිම් ජෝන්ග්-ඉල්ගේ ජීවිතය පිළිබඳ මතකාවර්ජනයක නිරත වූයේ, සුවිශේෂී නර්තන සමගම අපූර්ව මල් කලඹ රැසක් ලෝකඩ ප්රතිමාව ඉදිරියේ තැන්පත් කරමිනි. එමෙන්ම, උත්සව සැමරුම් අතර ලොකු කුඩා විශාල පිරිසක් සිය අසහාය නායකයා ලෙස සලකන කිම් ජෝන්ග්-ඉල් වෙනුවෙන් ගෞරවාදරය දක්වන ආකාරයද දැකිය හැකි විය.