IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ග්‍රහණයට නතුව තිබෙන දකුණුදිග පිලිපීනයේ මරාවි නගරයේ බලය යළි අත්පත් කරගැනීම සඳහා පිලිපීන හමුදාවට සහායවීමට ඇමෙරිකානු විශේෂ බලකාය කටයුතු කරන බව පිලිපීන ඇමෙරිකානු තානාපති කාර්යාලය අනාවරණය කරයි.
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය හා බැඳි ජිහාඩ් අන්තවදීන් පිරිසක් මෙම නගරයේ රැඳී සිටින අතර, එම ත්‍රස්වාදීන් අතර අසල්වාසී මුස්ලිම් රාජ්‍යයන්ගෙන් පැමිණි සටන්කරුවන් මෙන්ම, මැදපෙරදිගින් පැමිණි සටන්කරුවන්ද සිටින බව පිලිපීන බලධාරීහු පවසති.
මෙය ගිණිකොණදිග ආසියාව කෙරෙහි ඉස්ලාමීය මූලධර්මවාදයේ බලපෑම තදින්ම දැනෙන අවස්ථාවක් බව රොයිටර් පුවත් සේවය පවසයි.
මේ වනවිට මරාවි නගරය යළි අත්පත් කරගැනීම සඳහා සටනට පිලිපීන රජය කළ ඉල්ලීමකට අනුව ඇමෙරිකානු විශේෂ බලකාය ගොඩබිමින් සහාය ලබාදෙමින් සිටිනවා යැයි පිලිපීනයේ මැනිලා නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
කෙසේ වෙතත්, මෙම සටනට ඇමෙරිකානු විශේෂ බලකාය සෘජුව මැදිහත් වී සිටින්නේද යන්න පැහැදිලි නොමැති බවත්, තානාපති කාර්යාල ප්රකාශකයාද ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාදීමෙන් වැළකී සිටි බවද රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.