උතුරුදිග පිලිපීනයට බලපෑ ගෝනි සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර හා කඳු නායයෑම හේතුවෙන් ජීවිත හානි සිදුව ඇති බව බලධාරීහු පවසති.
එහිදී, දහස් ගණන් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති අතර, අභ්‍යන්තර ගුවන් ගමන්ද නවතා දමා තිබේ.
එක් අවස්ථාවකදී ගෝනි සුළ කුණාටුව පැයට කිලෝමීටර් 195ක සුළං වේගයක් ගෙන තිබුණත්, එය තායිවානයේ නැගෙනහිර වෙරළ කලාපය දෙසට ඇදෙන විට එහි වේගය බාලවී තිබුණි.
සෑම වසරකම පාහේ පිලිපීනයට බලපාන චණ්ඩ මාරුත 20කින් පමණ මෙම වසරට බලපෑ 9 වැනි චණ්ඩමාරුතය ලෙස මෙය සැලකෙයි.