දකුණුදිග පිලිපීනයේ කොටාබාටෝ ප්‍රාන්තයේ ගම්මානයක් වෙත කඩා වැදුණු ආයුද සන්නද්ධ ඉස්ලාමීය ත්රස්තයන් පිරිසක් එම ගම්මානයේ වැසියන් පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඔවුන් මනුෂ්‍ය පලිහක් ලෙස යොදාගෙන සිටින බව විදෙස් වාර්තා පවසයි.
බැන්ග්සමෝරෝ ඉස්ලාමීය සටන්කාමීන් යැයි කියා ගන්නා ත්‍රස්ත සංවිධානයක් විසින් මේ ආකාරයෙන් සාමාන්‍ය වැසියන් ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර මේ වනවිට පිලිපීන රජයේ හමුදා මෙහෙයුම් දියත් කර ඇති බවද කියැවේ.
ක්‍රිස්තියානි හා මුස්ලිම් වැසියන් ගැවසෙන මෙම ගම්මානය වෙත 200ක පමණ ත්රස්තයන් පිරිසක් කඩා වැදුණු බව පිග්කාවායන් නගරාධිපති එලිසේඕ ගරේසියා පවසයි. අද අලුයම 5.00 ට පමණ මෙම ඉස්ලාමීය ත්රස්තයන් පිරිස ගම්මානය වෙත කඩා වැදී ඇති අතර, ඔවුන් 300ක පමණ පිරිසක් සිටි බව මූලිකව කියවුණි.
ඔවුන් මේ වනවිට ගම්මානයේ පාසලක් තුළ රැඳී සිටින අතර, එහි සාමාන්‍ය වැසියන් පිරිස ප්‍රාණ ඇපයට තබාගෙන මිනිස් පළිහක් ආකාරයෙන් රඳවාගෙන සිටියි.
මේ අතර පිලිපීනයේ මරාවි නගරය ඉස්ලාම් ත්රස්තයන් පිරිසකගේ ග්‍රහණයට පත්ව තිබුණේ මීට සති කිහිපයකට පෙරය. එම නගරයද ත්රස්තයන්ගෙන් මුදාගැනීම සඳහා පිලිපීන රජය දැඩි මෙහෙයුම්වල නිරතව සිටියි.
කෙසේ වෙතත් පිලිපීනය තුළ මේ වනවිට ඉස්ලාම් මූලධර්මවාදී ජිහාඩ් සංවිධාන රැසක් පවතින බවත්, අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට සම්බන්ධ සංවිධාන මෙන්ම, තවත් දේශීය හා විදේශීය ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන 20ක් පමණ ක්‍රියාත්මක වෙමින් පවතින බවද බලධාරීහු පවසති.