ජර්මානු ජාතික ප්රාණ ඇපකරුවෙකුගේ ගෙල සිඳින වීඩියෝවක් පිලිපීන ඉස්ලාම් අන්තවාදී ත්රස්තයන් විසින් අන්තර්ජාලයට මුසුකර තිබේ.
ජර්ජෙන් කැන්ට්නර් නමැති මෙම ජර්මානු ජාතිකයා පසුගිය නොවැම්බර් මාසයේදී මැලේසියාවේ සබාහ් ප්රාන්තයට ඔබ්බෙන් සිය පෞද්ගලික යාත්රාවේ ගමන් කරමින් සිටියදී අන්තවාදීන්ට හසුව තිබූ අතර, ඇගේ සහායිකාව වූ සබීන් මෙර්ස්ගේ මියගිය සිරුරද පසුව සොයාගෙන තිබුණි.
ඇ.ඩො.ලක්ෂ 6ක කප්පම් මුදලක් ඉල්ලා සිටි අන්තවාදීන් එම කප්පම් මුදල සඳහා පසුගිය ඉරිදා දිනය අවසන් දිනය ලෙස දක්වා තිබුණි.
70 වැනි වියෙහි පසුවූ කැන්ට්නර් සහ මෙර්ස් මීට පෙර 2008 වසරේදී සෝමාලි මුහුදු මංකොල්ලකරුවන්ටද හසුව තිබූ අතර, එහිදී ඔවුන් දෙදෙනා දින 52ක කාලයක් ප්රාණ ඇපයේ පසුවිණි.
එවර ඔවුන් වෙනුවෙන් ඉල්ලා තිබූ කප්පම් මුදල ගෙවීම නිසා මීට වසර 8කට පෙර ඔවුන්ට නිදහස හිමි වූහ.