ප්රංශයේ අයිෆල් කුලුණ නැරඹීම පැය 6ක කාලයක් වසා දමා තිබූ පුවතක් ප්රංශයෙන් වාර්තා වෙයි.
කුලුණ නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට මහත් කරදරයක් වී ඇති මංපහරන්නන් කණ්ඩායමකට එරෙහිව එම කුලුණේ සේවකයන් විසින් දියත් කළ වැඩවර්ජනයක් හේතුවෙන් මෙසේ එය වසා දමා තිබේ.
සේවකයන් පවසන්නේ මෙම මංපහරන්නන් කණ්ඩායම ඔවුන්ටද තර්ජනය කරන අතර, ඔවුන්ට නිතර වදහිංසා පමුණුවන බවයි.
සෑම වසරකම අයිෆල් කුලුණ නැරඹීම සඳහා මිලියන 7ක පමණ ජනකායක් ලොවපුරා රටවලින් පැමිණෙන අතර, කුලුණ නැරඹීමේ අවස්ථාව අද සවස් වනවිට යළි උදාවූ බවද ප්රංශයෙන් වාර්තා වෙයි.