ප්‍රංශ ජාතික පිහිනුම් ශූරයෙකු වන බෙන් ලෙකොම්ටේ පැසිෆික් සයුර තරණය කරන ලොව පළමු වැනි මිනිසා බවට පත්වීමට ගමන් අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.
51 හැවිරිදි වියේ පසුවන බෙන් දිනකට පැය 08 බැගින් මාස හයකට වැඩි කාලයක් පැසිෆික් සයුර තරණය කරමින් ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරයට ළඟා වීමට සැලසුම් කර ඇත.
මෙම සාගර තරණයේදී මෝරුන්, සුළි කුණාටු, ජල්ලීන් මෙන්ම අතිශය පහළ උෂ්ණත්වයකින් යුතු සාගර ජලයේ පිහිනීම යන අභියෝග ජය ගැනීමට බෙන්ට සිදුවනු ඇත.
මෙම සාගර තරණය හරහා පෘථිවිය වර්තමානයේ අත්විඳින දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් මිනිසාගේ ඇස් ඇරවීම ඔහුගේ මෙම ව්‍යායාමයේ මූලික අභිප්‍රාය වී ඇති අතර, සැතපුම් 5,500ක (කි.මී.9,000ක්) දුරකින් යුතු මෙම සාගර තරණය සිදුවන කාලය තුළදී විද්‍යාඥයන් කණ්ඩායමක් දේශගුණික විපර්යාස හා සාගර දූෂණය සම්බන්ධ විශේෂ පර්යේෂණයක්ද සිදුකරනු ඇත.