සිරියාවේ පිහිටි ලෝක උරුමයක් ලෙස සැලකෙන පැල්මයිරා නගරය යළි අත්පත් කරගැනීමට තම හමුදා එම නගරයට කිලෝමීටරයක් පමණ නුදුරින් සිටින බව සිරියානු හමුදා සහ ඔවුන්ගේ සහායද කණ්ඩායම් පවසයි.
පසුගිය වසරේ මැයි මාසයේදී ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ග්‍රහණයට නතු වූ මෙම ලෝක උරුම නගරයේ බොහෝ වැදගත් ස්මාරක අන්තවාදී විසින් පුපුරුවා හැරීය.
මෙම නගරයේ බලය යළි අත්පත් කරගැනීම සිරියානු හමුදාව ලබන විශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකෙන අතර, රුසියානු ගුවන් හමුදා බලයද ඔවුන්ගේ ජයග්‍රහණ සඳහා මුල්වූ බව විදෙස් වාර්තා පවසයි.
මෙම මෙහෙයුමට සම්බන්ධ සිරියානු හමුදා පවසන්නේ ඔවුන් මේ වනවිට ප්‍රධාන නගරයට මීටර් 850ක් පමණ ඔබ්බෙන් සිටින බවයි. එමෙන්ම, නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගවල බලයද ඔවුන් නතුකරගෙන ඇති අතර, කඩිනමින් නගරයේ සම්පූර්ණ බලය සියතට ගන්නා බව ඔවුන් සිරියානු මාධ්‍ය වෙත පවසා තිබේ.