2015 වසරේ නොවැම්බර් මාසයේදී පැරීසියට එල්ල වූ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයට වසරක් පිරෙන තැන, එරටට පණවා තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට නියමිතය.
ප්‍රංශ අගමැති මැනුවෙල් වෝල්ස් පවසා සිටියේ රට තුළ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා එය කළ යුතුව ඇති බවයි.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් පසුගිය වසරේදී පැරීසිය වෙත එල්ල කළ බෝම්බ හා වෙඩි තැබීම් නිසා එරට තුළ සාමාන්‍ය වැසියන් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
මෙම ප්‍රහාරයේදී වැඩි පිරිසක් බැටක්ලැන් ප්‍රසංග ශාලවේදී ජීවිතක්ෂයට පත්වූ අතර, එම ශෝකජනක අතීතය සිහිපත් කරමින් ප්‍රංශ ජනපති ප්රංශුවා හොලන්දේ විසින් විශේෂ සමරු ඵලයක් නිරාවරණය කිරීමද සිදුවිය.
බැටක්ලැන් ප්‍රහාරයේදී ප්‍රසංග ශාලාවට ඇතුළු වූ ප්‍රහාරකයන් තිදෙනෙකු එල්ල කළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් බහුතරය තරුණ තරුණියන් වූහ.
වසරකට පසුව මෙම ප්‍රසංග ශාලාවද පසුගිය සෙනසුරාදා විවෘත කරනු ලැබූ බවද ප්‍රංශයෙන් වාර්තා වෙයි.