ප්‍රංශයේ, මධ්‍යම පැරීසියේ, චෑම්ප්ස්-එල්සීස් හිදී මෝටර් රථයක් පොලීස් වෑන් රථයක හප්පවා ත්‍රස්ත ප්‍රහාරයක් සිදුකර තිබේ.
ප්‍රංශ පොලීසිය පවසන පරිදි මෙම පුද්ගලයා එරට බුද්ධි අංශවල උකුසු ඇසට ලක්වූවෙකු වන අතර, ඔහු හිතාමතාම තම රථය පොලිස් රථයේ ගැටීමට සලස්වා ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, ඔහුගේ මෝටර් රථය ඒ ක්ෂණයෙන් ගින්නට හසුව ඇති අතර, පසුව මෙම තැනැත්තාද ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහුගේ මෝටර් රථයේ තිබී රයිෆලයක්, පිස්තෝල සහ ගෑස් ටැංකි කිහිපයක්ද හමුවූ බව පොලීසිය කියයි.
මෙය හිතාමතා සිදුකළ ප්‍රහාරයක් බවත්, ප්‍රංශය තුළ ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීම යළිත් ඇරඹී ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරාඩ් කොලෝම්බ් කියා සිටියේය.
කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් වෙනත් කිසිවෙකුට අනතුරක් සිදු නොවූ බවද විදෙස් වාර්තා පවසයි.
පසුගිය වසර කිහිපය මුළුල්ලේ ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවත් සමග එරට තුළ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, ආරක්ෂාවද ඉහළ නංවා තිබුණි.
මෙම සිද්ධියට ආසන්නතම සිදුවීම ලෙස ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්දය අවස්ථාවේදී චෑම්ප්ස්-එල්සීස් හිදී පසුගිය අප්‍රේල් මාසයේදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු වෙඩි තබා මරා දමා තවත් දෙදෙනෙකු තුවාල කර තිබුණි.
මෙම සිදුවීම එරට මහ මැතිවරණය අවසන් වී දිනක් ඇතුළත සිදුවීමද විශේෂත්වයකි.