ප්‍රංශයේ අගනුවර වන පැරීසියේ සෙයින් ගංගාවේ ජල මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා මීටර් හතරක් පමණ ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
පැරීසියට බලපා ඇති දැඩි වර්ෂාපතනයත් සමග සඳුදා වනවිට ගංවතුර මට්ටම මීටර් 5.8ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
සති කිහිපයක් පුරා ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව මේ ආකාරයේ ගංවතුර තත්ත්වයකට හේතුව බව කාලගුණ අංශ පවසයි.
පැරීසියේ එක් කොටසක පුද්ගලයන් 1,500ක් පමණ ඔවුන්ගෙ නිවාසවලින් ඉවත් කෙරුණු අතර, තවත් නිවාස 1,500කට පමණ විදුලිය නොමැති බව කියැවෙයි.
අවසන් වරට පැරීසියට දරුණු ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබුණේ පසුගිය 2016 වසරේදීය. එවර ජල මට්ටම මීටර් 6.1ක් දක්වා ඉහළ නැගුණි.
පැරීසියේ ප්‍රධාන උමං දුම්රිය ස්ථාන හතක් පෙබරවාරි 5 වැනිදා දක්වා වසා දැමීමට කටයුතු කර ඇති අතර, සෙයින් ගංගාව සමග ඇති අධිවේගී මාර්ග කිහිපයක්ද වසා දැමීමට බලධාරීන්ට සිදුව තිබේ.