2015 පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේදී පොලීසිය කොටුවූ එකම ත්‍රස්ත සැකකරුවා වන සලේහ් අබ්දෙසලාම්ට එරෙහි නඩු විභාගය බෙල්ජියමේදී දැඩි ආරක්ෂක රැකවල් යටතේ විභාග වීමට නියමිතය.
ම්ලේච්ඡ පැරිස් ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස හතරකට පසුව බෙල්ජියමේ, බ්‍රසල්ස් නගරයේදී IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ මොහු අත්අඩංගුවට පත්විය.
කෙසේ වෙතත්, මෙවර නඩු විභාගය පැරිස් ප්‍රහාරය සම්බන්ධයෙන් නොවුණත්, බෙල්ජියමේදී පොලීසිය සමග සිදුකළ වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් බව කියැවෙයි.
2015 සිදුවූ පැරිස් ප්‍රහාරයේදී මරාගෙන මැරෙන බෝම්බ සහ වෙඩි ප්‍රහාර එල්ල කරමින් පැරීසියේ ප්‍රසංග භූමියකට, ක්‍රීඩාංගණයකට හා අවන්හලකට කඩා වැදී සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාර මාලාවෙන් පුද්ගලයන් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
මෙම ප්‍රහාරය සිදුකළ සෙසු සැකකරුවන් අතර සලේහ්ගේ සහෝදරයා වූ බ‍්‍රහීමී ද වූ අතර, ඔහු මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගනිමින් ජීවිතක්ෂයට පත්විය.
28 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරුවා මෙම ම්ලේච්ඡ ප්‍රහාරයේ සැලකිය යුතු කොටසකට දායකත්වයක් ලබාදී ඇති බව අභිචෝදකයන් විශ්වාස කළත්, මෙම නඩු විභාගය වෙත ඔහුගෙන් මෙතෙක් කිසිදු ආකාරයක සහයෝගයක් ලැබී නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.