කාලගුණ විපර්යාස පිළිබඳ 2015 පැරිසි සම්මුතියේ ඉහළින්ම හා ඉදිරියෙන්ම කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බව අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කරයි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සමග මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දීය අගමැතිවරයා මෙම කරුණු අනාවරණය කළ අතර, එහිදී, මෝදි කියා සිටියේ පෘථිවි මාතාව ආරක්ෂා කිරීම අපට පැවරුණු කාර්ය භාරයක් බවයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත් වූ වටපිටාවක ඉන්දීය අගමැතිවරයාගේ මෙම ප්‍රකාශයට ජාත්‍යන්තර මාධ්‍යයේ ඉහළ ප්‍රතිචාර හිමිවී ඇති අතර, ලෝකයේ රාජ්‍යයන් කිහිපයක්ම ඇමෙරිකාවේ තීරණය දැඩිව හෙළා දැක තිබුණි.
ට්‍රම්ප් කියා සිටියේ මෙම සම්මුතිය ඇමෙරිකාව හිඟමනට බස්සන හා ඇමෙරිකානු රැකියා දහස් ගණනක් අහිමි කරන ක්‍රියාවක් බවයි.
කෙසේ වෙතත්, ලෝකයෙන් ඇතිවන බලපෑමත් සමග එම සම්මුතියේ යම් යම් වෙනස්කම් සිදුවන්නේ නම් යළි ඒ ගැන සලකා බැලිය හැකි බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුව පවසා තිබුණි.