පැරිස් නුවර පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කරමින් එල්ල වූ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයත් සමග එරට පැවැත්වීමට නියමිත මැතිවරණයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
විදෙස් වාර්තා පෙන්වදෙන පරිදි තව දින දෙකකින් ඇරඹෙන ප්‍රංහ ජනාධිපතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවලට ආරක්ෂක නිලධාරියෙකු බැගින් ස්ථානගත කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර, පැරීසියේ මර්සේයි නගරයේදී ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වීමත් සමග ජනාධිපතිවරණ කාලසීමාව තුළ තවත් ප්‍රහාර පිළිබඳ සැලසුම් අනාවරණය කරගැනීමට හැකිවී ඇති බව පොලීසිය කියයි.
ප්‍රංශ ජනාධිපතිවරණය සඳහා දැනට ඡන්ද මධ්‍යස්ථාන 69,000ක් පවතින අතර, මැතිවරණ සටනට අපේක්ෂකයන් 11 දෙනෙකු තරග වදී.
කෙසේ වෙතත්, ප්රහාරකයන්ගේ අපේක්ෂාව ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට වඩා, ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීම බවද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව, ජනාධිපතිවරණයේ ප්‍රබල අපේක්ෂකයන් තිදෙනෙකු සිය අවසන් මැතිවරණ ප්රචාරක රැලිද මෙම ත්‍රස්ත ප්‍රහාර අවදානමත් සමග අවලංගු කිරීමද විශේෂත්වයක් ගෙන තිබේ.
පැරීසිය ඇතුළු යුරෝපා කලාපයේ පසුගිය කාලය පුරාවට හඹාගිය ත්‍රස්ත උණුසුම තවමත් පහව ගොස් නොමැති බවට මෙය නවතම සිදුවීම වන අතර, ලෝකයේ වඩාත් සුන්දර හා සාමකාමී දේශයන් ඉස්ලාමීය අන්තවාදය සමග මේ වනවිට වඩාත් අවදානම් සහගත දේශයන් බවට පත්වෙමින් තිබෙන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.