පැරීස් නගරයේදී පොලිස් නිලධාරියෙකු ඉලක්ක කරමින් එල්ල කළ වෙඩි ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයක් විය හැකි බවට විදෙස් වාර්තා පවසයි.
මෙම ප්‍රහාරකයාගේ නම මෙතෙක් හෙළි නොකළත්, එය බොහෝ දුරට ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයක් බව ප්‍රංශ ආරක්ෂක අංශ උපුටා දක්වමින් මාධ්‍ය පවසයි.
එම ප්‍රහාරය එල්ල කළ සැකකරුගේ මෝටර් රථයේ තිබී හමුවූ ලිපිගොනු අනුව මොහු අන්තවාදියෙකු බවට සැක කෙරෙන අතර, ඔහු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමට පෙර තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල කර තිබුණි.
බ්‍රහස්පතින්දා රාත්‍රී පැරිස් නගරයේදී ප්‍රංශ පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියත් සමග තව දින තුනකින් පැවැත්වෙන ප්‍රංශ ජනාධිපතිවරණය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ.
මේ අතර, ප්‍රංශ මාධ්‍ය විසින් මෙම සැකකරු කරීම් චෙවුර්ෆි ලෙස නම් කර තිබූ අතර, ඔහු වයස අවුරුදු 39ක නැගෙනහිර පැරීසියේ පදිංචිකරුවෙකු ලෙසද වාර්තා කර තිබුණි.
මේ අතර, රොයිටර් පුවත් සේවය පවසා සිටියේ මෙම ප්‍රහාරකයාගේ පවුලේ ඥාතීන් තිදෙනෙකු ප්‍රංශ පොලීසිය විසින් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.