පැරිස් ප්රහාරයේ ප්රධාන සැකකරුවෙකු වන බෙල්ජියමේ බ්රසල්ස් නගරයේදී අත්අඩංගුවට ත් සලේහ් අබ්දේස්ලාම් ප්රංශය වෙත පිටුවහල් කිරීමට එරට තීරණය කර තිබේ.
එම ප්රහාරය සම්බන්ධයෙන් ප්රංශයේදී ගොනුකර ඇති නඩු විභාගය සඳහා ඔහු මෙසේ ප්රංශය වෙත පිටුවහල් කෙරෙන බව බෙල්ජියම කියයි.
පසුගිය මාර්තු 18 වැනිදා බ්රසල්ස් නුවරදී විශේෂ පොලිස් මෙහෙයුමකින් ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් ඔහු තුවාල ලැබීය.
වයස අවුරුදු 26 ක් වන ප්රංශ ජාතිකත්වය හිමි මොහු, මීට පෙර බ්රසල්ස් නුවර ජීවත් වී පසුව පැරීසිය වෙත පැමිණ ඇති බවද කියැවෙයි.
ස්ලේහ්ගේ සහෝදරයා වන බ්රහීමි පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිදුවූ පැරිස් ප්රහාරයේදී, අවන්හලක් තුළ මරාගෙන මැරෙන ප්රහාරයක් දියත් කරමින් ජීවිතක්ෂයට පත්විය.