පැරීසියට එල්ල කළ ත්රස්ත ප්රහාරයට සම්බන්ධ තවත් ඉස්ලාම් රාජ්ය අන්තවාදීන් දෙදෙනෙකු හඳුනා ගැනීමට ප්රංශ බලධාරීන් සමත්ව තිබේ.
පොලීසිය සඳහන් කරන ආකාරයට බැටක්ලන් රංග ශාලාවකට එල්ල වූ මරාගෙන මැරෙන ප්රහාරයට සම්බන්ධ පුද්ගලයා 28 හැවිරිදි ප්රංශ ජාතික සැමී ඇමිමෝර් ලෙස හඳුනාගෙන ඇත.
කෙසේ වෙතත් මොහු 2012 සිට ත්රස්තවාදී කුමන්ත්රණ චෝදනා යටතේ පොලීසිය සොයමින් සිටි පුද්ගලයෙකි.
මෙසේ හඳුනාගෙන ඇති අනෙක් ඉස්ලාම් රාජ්ය අන්තවාදියා 1990 දී සිරියාවේදී උපත ලැබූ අහ්මඩ් අල් මොහොමඩ් නැමැත්තෙකි.
ඔහු පාපන්දු ක්රීඩාංගණය අසල මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හැරි බෝම්බකරු බව ප්රංශ පොලීසිය කියයි.
ඒ අනුව, මේ වනවිට ප්රහාරයක් පස් දෙනෙකු හඳුනාගැනීමට ප්රංශ පොලීසිය සමත් වී තිබේ.