ප්‍රංශයේ පැරිස් අගනුවර සුප්‍රසිද්ධ නෝට ඩාම් දේවස්ථානය අසලදී පොලිස් නිලධාරියෙකුට මිටියකින් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුට පොලීසිය වෙඩි තබා තිබේ.
මේ සිරියාව වෙනුවෙන් යැයි කෑ මොර දෙමින් මෙම පුද්ගලයා ප්‍රහාරය එල්ල කිරීමට උත්සාහ කර ඇති අතර, මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ප්‍රංශ බලධාරීහු සලකති.
මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියාට සුළු තුවාල සිදුව ඇති අතර, ප්‍රහාරකයාගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇති බව ආරක්ෂක අංශ පවසයි.
දේවස්ථානය අසළ වෙඩි ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඒ අසල සිටි සංචාරකයෝ තැති ගෙන ඇති බවත්, ප්‍රදේශය වසා දැමූ පොලිසිය එම ප්‍රදේශයෙන් ඉවත්ව සිටින මෙන් ජනතාවගෙන් ඉල්ලීම් කර තිබූ බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
2015 දී ඉස්ලාම් රාජ්‍ය ජිහාඩ් ත්රස්තයන් පැරිස් නුවරට එල්ල කළ ප්‍රහාරයෙන් 130 දෙනෙකු මියයාමෙන් අනතුරුව ප්‍රංශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
පැරිස් නුවරදී මෙම ප්‍රහාරය වී තිබුණේ පිට පිට බ්‍රිතාන්‍ය තුළ ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සිදුවීමෙන් අනතුරුවය.