දශක ගණනාවක් පුරා තායිවානය සමග සබඳතා පැවැත්වූ පැනමාව, ඉන් ඉවත් වී චීනය සමග නව සබඳතා ගොඩනගා ගැනීමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, තායිවානයේ ජනාධිපති ධුරයට පත් සායි ඉන්-වෙන් තමා බලයට පත්වීමෙන් පසු සිදුකළ ප්‍රථම නිල සංචාරය ලෙස පසුගිය වසරේ ජුනි මාසයේදී පැමිණීයේද පැනමා රාජ්‍ය වෙතය.
නමුත්, ඉන් වසරක් යනවිට තායිවානයද චීනයට අයත් රාජ්‍යයක් හෙවත් 'එක චීනයක්' ලෙස සලකමින්, ප්‍රධාන රාජ්‍යය සමග පමණක් රාජතාන්ත්‍රික සබඳතා පවත්වන බව පැනමාව සඳහන් කළේය.
විශේෂයෙන්ම, මුහුදු ප්‍රවාහන මාර්ග යොදාගැනීමේදී ලෝක ආර්ථික බලවතා ලෙස චීනය බහුල වශයෙන්ම පැනමා ඇල භාවිතයට ගැනීමත්, පසුගිය කාලය තුළ චීනය පැනමාවේ සිදුකළ දැවැන්ත ආයෝජනයන්ද ඔවුන් චීනය දෙසටම හැරීමට හේතු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
චීන - ජපන් යුද්ධය නිමාවීමෙන් අනතුරුව චීනයේ සිවිල් යුද සමයේදී චියැන් කායි ෂෙක් විසින් තායිවාන් දූපත චීනයෙන් වෙන්කොට වෙනමම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබුණි.