අන්තර්ජාලය තුළ වඩාත් ප්‍රකට වූ නොවෙනස්ව මුහුණ පැඟිරි කරමින් බලා සිටින කැලිෆෝනියානු බළලාගේ ඡායාරූපයක් පිළිබඳ ප්‍රකාශය අයිතිය වෙනුවෙන් ඇ.ඩො.710,000ක වන්දියක් ලබාගැනීමට එම බළලාගේ හිමිකරුවන්ට හැකිවී තිබේ.
ග්‍රම්පි කැට් සමාගම විසින් එක්සත් ජනපද කෝපි සමාගමක් වන ග්‍රෙනේඩ් වෙත මෙම නඩුව ෆෙඩරල් අධිකරණය ඉදිරියේ පනවා තිබුණේ බළලාගේ ඡායාරූපය දෙපාර්ශ්වය අතර වූ අවබෝධතා ගිවිසුම උල්ලංඝණය කරමින් යොදාගෙන ඇති බව පවසමිනි.
එහිදී, අදාළ කෝපි සමාගමේ ග්රම්පුසීනෝ කෝපි පානය සඳහා පමණක් බළලාගේ ඡායාරූපය යොදාගැනීමට අවස්ථාව ලබාදී තිබුණත්, අදාළ සමාගම විසින් ඔවුන්ගේ අනෙකුත් කෝපි අලෙවි කිරීම සඳහාද බලළාගේ ඡායාරූපය යොදාගැනීමෙන් මෙම අර්බුදය හටගෙන තිබුණි.
මෙම අපූරු බළලාගේ සැබෑ නම ටාඩර් සෝස් වන අතර, 2012 වසරේදී බළලාගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්වීමත් සමග ඌ ලොව පුරා ජනප්‍රිය වී ඇත.
මේ වනවිටත් විවිධ වෙළෙඳ දැන්වීම හරහා ඇ.ඩො.මිලියන ගණනක් සිය හිමිකරුවන්ට උපයා දීමට බළලා සමත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.