ඉන්දියාවේ මුම්බායි නුවර ධනූ වෙරළට නාවික සැතපුම් දෙකක් ඔබ්බෙන් පාසල් සිසුවියන් රැගත් පෞද්ගලික බෝට්ටුවක් පෙරළීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සෙසු පිරිස අතුරුදන්ව තිබේ.
පොලීසිය පවසා සිටියේ අනතුර සිදුවන විට එහි සිසුවියන්සි 40ක් ගමන් කර ඇති බවයි. අනතුරින් පසුව සුවියන් 32දෙදෙනෙකු බේරාගැනීමට හැකිවී ඇති නමුත්, අතුරුදන් වූ සෙසු දැරියන් සොයා වෙරළාරක්ෂක කණ්ඩායම් සහ ධීවරයන් එකතුව සෝදිසි මෙහෙයුම් ඇරඹූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මියගිය සිසුවියන් තිදෙනා සොනාල් සූරතී, ජාන්හාවි සූරතී සහ සන්ස්කෘතී මායාවන්ෂී ලෙස හඳුනාගෙන ඇති අතර, සියලුම සිසුවියන් 17 වැනි වියෙහි පසුවූවන් බව කියැවේ.
මෙම සිසුවියන් පිරිස විනෝද චාරිකාවක් සඳහා සහභාගී වී සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇති බව පොලීසිය පවසයි.