උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී පාසල් ළමයින් ප්‍රවාහනය වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් එහි ගමන්ගත් දරුවන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දුම්රිය හරස් ගේට්ටුවක් නොමැති ස්ථානයක් හරහා මෙම වෑන් රථය ගමන් කරමින් සිටියදී නතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
මෑතකදී ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පාසල් දරුවන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙහි උණුසුම පහව යාමට පෙර මෙම ඛේදවාචකය වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඉන්දියාවේ මහා මාර්ග මෙන්ම මෝටර් රථ පවා ඉතා අවම නඩත්තුවක් සහිත වීම නිසා එරට තුළ මාර්ග අනතුරු සුලභ කාරණයක් බවද කියැවෙයි.
මෙම සිද්ධිය උත්තර් ප්‍රාන්තයේ කුෂිනගර් පළාතේදී සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය තුළ පාසල් දරුවන් කොපමණ පිරිසක් ගමන් කළේද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවද මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.