ඉන්දියාවේ පාසලකට කඩා වැදී පුද්ගලයන් හය දෙනෙකුට තුවාල සිදුකළ දිවියා, ඌ රැඳී සිටි කූඩුවෙන් පැන ගොස් ඇති බව වාර්තා වෙයි.
වයස අවුරුදු 08ක් පමණ වන මෙම දිවියා, බැංගලෝරයේ පාසලක් වෙත පසුගිය 07 වැනිදා හදිසියේ ඇතුළු වෙමින් මහා කලබැගෑනියක් සිදුකරන්නට විය.
එහිදී, වනජීවී නිලධාරීන් පැමිණ ඌ අල්ලා ගැනීමට පෙර දිවියාගේ පහරදීම්වලට ලක්ව පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලැබීය.
පසුව බන්නීර්ඝාතා ජාතික වනෝද්‍යානය වෙත මෙම දිවියා ගෙනයනු ලැබුවේ වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙනි. කෙසේ වෙතත්, එහිදී, දිවියා රැඳී සිටි කූඩුවෙන් ඌ පැනගොස් ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
නමුදු, මෙය වනාන්තර කලාපයක් බැවින් දිවියාගේ පලා යෑම සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද ඔවුහු කියති.