වැඩි කාලයක් ජීවත් වීමටත්, පිළිකා වැළඳීමේ සම්භාවිතාව අඩුකර ගැනීමටත්, හදවත් රෝගවලින් බේරීමටත් පාපැදියෙන් රාජකාරියට යෑම පිටුවහලක් බව විද්‍යාඥයෝ පවසති.
පාපැදි ධාවනය සම්බන්ධයෙන් සිදුකරන ලද සුවිශේෂී අධ්‍යයනයක් මීට හේතු වී ඇති අතර, එහිදී ලැබුණු නිගමනයට අනුව පාපැදියෙන් රාජකාරියට යෑමට පුරුදු වීම තුළ පිළිකා හා හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩකින් අඩුකරන බව නිගමනය වී තිබේ.
වසර පහක් පුරා බ්‍රිතාන්‍යයේදී මගීන් 250,000ක් යොදාගනිමින් සිදුකළ අධ්‍යයනයක් මීට යොදාගෙන ඇති අතර, බස් රථයකින් හෝ මෝටර් රථයකින් රාජකාරියට පැමිණෙන අය මෙන්ම, පා ගමනින් රාජකාරියට පැමිණෙන අයද මෙම අධ්‍යයනයට යොදාගෙන තිබේ.