කියුබාවේ සංචාරයක නිතර පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ හමුවී ඇත.
හිටපු නායක කස්ත්‍රෝ හමු වීමට පෙර පාප් වහන්සේ හවානා නුවර දේව මෙහෙයකට සහභාගී වූ බව විදෙස් වාර්තා පවසයි.
හවානා නුවර පිහිටි කැස්ත්‍රෝ ගේ නිවසට ගිය පාප් වහන්සේ එහිදී ෆිදෙල් කස්ත්‍රෝ සමඟ ලෝක දේශපාලනය සහ ආගමික කරුණු ගැන කතාබහ කර ඇති බව වාර්තා වෙයි.
මෙය නිල නොවන මිතුරු හමුවක් ලෙස වතිකානුව විසින් හඳුන්වා ඇති අතර, මීට පෙර දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමන් මෙන්ම බෙනඩික් පාප් තුමන්ද කියුබාවේ සංචාරය කළහ.
මෙම සංචාරයේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මීළඟ නවාතැන ඇමෙරිකා එක්සත් ජනපදයයි.