2018 පාපන්දු ලෝක කුසලානයේදී ජර්මානු පාපන්දු කණ්ඩායම වෙත සිය සහාය දැක්වීම අරමුණ කර ගනිමින් බංග්ලාදේශ ජාතිකයන් පිරික් කි.මී.5.5කක් දිග ජර්මානු ධජයක් නිර්මාණය කර තිබේ.
පිත්තාශ්ම රෝගයෙන් පීඩා විඳි 69 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයෙකු වන අම්ජාඩ් හොසෙයින් ජර්මානු හෝමියෝපති ප්රතිකාර ක්රම හරහා සුවය ලැබීමෙන් පසුව ඔහුට ජර්මනිය සම්බන්ධයෙන් දැඩි ඇල්මක් ඇති වී තිබේ.
ඒ අනුව, 2006 වසරේදී ජර්මනිය පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීමෙන් වසර දෙකකට පසුව වෘත්තියෙන් ගොවියෙකු වන හොසෙයින් මෙම දැවැන්ත ධජය නිර්මාණය කිරීම අරඹා තිබේ.
කෙසේ වෙතත්, මෙම දැවැන්ත නිර්මාණය සඳහා කළු, රතු සහ රත්රන් වර්ණයෙන් යුතු රෙදි මිලදී ගැනීම සඳහා හොසෙයින්ට තම ඉඩමක්ද විකුණා දැමීමට සිදුව ඇති බව බංග්ලාදේශ වාර්තා පවසයි.
බංග්ලාදේශයේ ඩකා අගනුවරට කිලෝමීටර් 100ක් පමණ ඔබ්බෙන් පිහිටි හොසෙයින්ගේ උපන් ගම වූ මගූරා ගම්මානයේ පාසලකදී මෙම දැවැන්ත ධජය ප්රථම වරට එළිදැක්වීම පසුගියදා සිදුවිය.