පාකිස්තානයේ 70 වැනි නිදහස් උලෙළ හමුදා පෙළපාලි, ගිනිකෙළි සංදර්ශන සහ පාකිස්තාන ධජ පතාක එසවීම ඇතුළුව මහත් හරසරින් සැමරීම සිදුවිය.
වර්ෂ 1947 දී බ්‍රිතාන්‍ය පාලනය විසින් හින්දූන් බහුතරයක් වෙසෙන ඉන්දියාව රාජ්‍යයන් දෙකක් ලෙස බෙදා වෙන්කරමින් අලුත් රාජ්‍යයන් දෙකක් ඇති කිරීමත් සමග පාකිස්තානය බිහිවිය. ඒ අනුව, බහුතර මුස්ලිම් ජනතාවට පාකිස්තානය හිමිවිය.
පාකිස්තානයේ හමුදා ජෙනරාල් ජාවෙඩ් ඕබාර් බජ්වා අඩි 120ක් දික, අඩි 80ක් පළල දැවැන්ත ධජපතාකයක් මධ්‍යම රාත්රියේදී ඉන්දු පාකිස්තාන දේශසීමා ආශ්රිත වාගාහ් හිදී ඔසවනු ලැබීය.
අනතුරුව රාත්‍රී අහස ගිනිකෙළිවලින් වර්ණවත් වූ අතර, නිදහස් දින උලෙළට සතියකට පෙර සිටම එරට බොහෝ නගර ආශ්‍රිතව කොළ සහ සුදු වරණයෙන් යුතු පාකිස්තාන ධජයන්ගෙන් වර්ණවත් වී තිබුණි.