පාකිස්තානයේ කරච්චි අගනුවර පස්කඳු කඩාවැටීමක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියයි.
ගලිස්ටාන් ජෝහාර් දිස්ත්‍රික්කයේදී සිදුවූ මෙම අනතුර හේතුවෙන් මියගිය පිරිස අතර දරුවන් හත් දෙනෙකුද පසුවෙයි.
සහන කණ්ඩායම් යොදා පස් ඉවත්කිරීමේ මෙහෙයුම් සිදු වුවත්, දිවි ගලවා ගත්තවුන් පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව කියයි.
ඉඩම් හිමියන් අත්තනෝමතික ලෙස ඉඩම් අල්ලා ගැනීමේදී කඳු කපා දැමීමද මෙම ව්‍යසනයට හේතුවක් වී තිබේ.