පාකිස්තානය තුළ පෝලියේ වසංගතය තවත් මාස කිහිපයකින් සම්පූර්ණයෙන්ම තුරන් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
පාකිස්තානයේ සිටින එම සංවිධානයේ නියෝජිත වෛද්‍ය මයිකල් තියරෙන් පවසන පරිදි, මෙම වසර තුළ පාකිස්තානයෙන් මෙන්ම, ඇෆ්ගනිස්තානයෙන්ද වාර්තා වී ඇත්තේ ඉතා සුළු රෝගීන් පිරිසකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම දෙරට තුළම පෝලියෝ මර්දනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් පසුගිය කාලය පුරා දියත් කරනු ලැබුවේ, ඉස්ලාම් අන්තවාදීන්ගෙන් සිදුවන හිරිහැරවලටද නිරන්තර ලක්වෙමිනි.
පෝලියේ රෝගය තුරන්ව නොගිය ලෝකයේ එකම රාජ්‍යයන් දෙක ලෙස පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය සැලකුණත්, මෙම පෝලියේ එන්නත් හරහා සිය අනාගත වඳභාවයට පත්කරන බව අන්තවාදීහු පවසති.
මේ තත්ත්වය තුළ බොහෝ සෞඛ්‍ය සේවකයන්ට පොලිස් ආරක්ෂාව පවා ලබාදීමට පාකිස්තාන බලධාරීන්ට සිදුව තිබේ.