පාකිස්තානයේ MQM පක්ෂය වෙනුවෙන් ඉන්දියාවේ අරමුදල් ලැබී ඇති බව එම පක්ෂයේ බලධාරීන් බ්‍රිතාන්‍ය වෙත පවසා ඇති බවට පාකිස්තානය චෝදනා කරයි.
MQM කළු සල්ලි ජාවාරම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බ්‍රිතාන්‍යයට, MQM වත්කම් අතර ඇති අවිආයුධ සම්බන්ධ තොරතුරුද අනාවරණය ඇතැයිද පෙන්වා දී තිබේ.
මේ අතර, පසුගිය වසර 10ක කාලය තුළ පාකිස්ථානයේ MQM සටන්කාමීන් සිය ගණනක් වෙත යුද පුහුණුව ලබාදීමටද ඉන්දියාව ක්‍රියාකර ඇති බවද පාකිස්තානය පවසයි.
කෙසේ වෙතත්, මෙය අතිශයින්ම පදනම් විරහිත චෝදනාවක් බව ඉන්දියාව පවසා ඇති අතර, MQM පක්ෂයද පාකිස්තානයේ මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ