බහුතර මුස්ලිම් වැසියන් පිරිසක් ජීවත්වන රටවල් අතරින් හින්දූන්ට සිය විවාහ ප්‍රසිද්ධියේ ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබාදුන් ප්‍රථම රාජ්‍ය බවට පාකිස්තානය පත්ව තිබේ.
පාකිස්තානයේ ජීවත්වන මිලියන තුනක පමණ හින්දූන් ජීවත් වන සින්ධා ප්‍රාන්තයේදී මීට අදාළ පනත් කෙටුම් පතට අනුමැතිය ලැබී තිබේ.
මෙම නීතිය පැමිණීමට පෙර හින්දු කාන්තාවට මුස්ලිම් සමාජය තුළ තම ආගම වෙනස් කරන ලෙසට නිතර දැඩි බලපෑම් ඇතිව තිබේ. එමෙන්ම, ඔවුන් නිරන්තරයෙන් දූෂණයට ලක්වූ බවද කියැවෙයි. එමෙන්ම, වැන්දඹු කාන්තාවන්ටද කිසිදු හවුහරණක් පැවතී නොමැත.
ඒ අනුව, එරට පාර්ලිමේන්තුව විසින් මෙසේ හින්දූන්ගේ විවාහ නීත්‍යනුකූලව පිළිගනිමින් මෙසේ පුළුල් නීති සම්පාදනයක් සිදුකර තිබේ.