පාකිස්තානයේ, පන්ජාබ් ප්‍රාන්තයේ, සරගෝධා නගරයේ සුෆී දේවස්ථානයක් තුළදී පුද්ගලයන් 22 දෙනෙකු මරාදමා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම දේවස්ථානයේ ප්‍රධාන පූජකයා ලෙස සැලකෙන අබුදුල් වහීඩ් මෙම ඝාතනයන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව පොලීසිය පවසයි.
මෙම ඝාතන සිදුකර ඇත්තේ ඔවුන් වෙත විෂ සහිත ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීමට දීමෙන් බවත්, මෙමගින් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු දැඩි රෝගාතුර තත්ත්වයක පසුවන බවත් සඳහන් වෙයි.
සිද්ධියෙන් දිවි ගලවාගත්තෙකු පවසා තිබුණේ ප්‍රධාන පූජක තැන දේවස්ථානයේ කුටියක් තුළට එක් එක් පුද්ගලයා කැඳවා ඔවුන්ට යමක් ආහාරයට ගැනීමට ලබාදුන් බවයි.
අනතුරුව, මෙම ප්‍රධාන පූජක තැන සහ ඔහුගේ සහායකයා විසින් කිරිච්චියකින් හා පොල්ලකින් පහරදීමෙන්ද මෙම පුද්ගලයන් ඝාතනය කර තිබේ.
පොලීසිය වහාම එම දේවස්ථානය වෙත ගොස් මෙම ප්‍රධාන පූජකයා සහ ඔහුගේ සහායකයන් අත්ඩංගුවට ගෙන ඇති අතර, ඔහු පවසා ඇත්තේ මෙම පුද්ගලයන් තමන්ම මරා දමනු ඇති බවට සැකපිට ඔවුන් මරා දැමූ බවයි.