පාකිස්තාන රූපවාහිනියක ප්‍රථම සංක්‍රාන්ති නිවේදක වැඩ අරඹයි
පාකිස්තානයේ පුවත් නාලිකාවක නිවේදක වෘත්තිය සඳහා ප්‍රථම වරට සංක්‍රාන්ති ලිංගික නිවේදිකාවක යොදාගත් පුවතක් වාර්තා වෙයි.
දැඩි මතධාරී පාකිස්තාන සමාජය තුළ මෙවැනි සංක්‍රාන්ති ලිංගිකයන්ට රැකියාවක් සොයා ගැනීම පහසු කාර්යයක් නොවේ.
ඔවුන් බොහෝ අවස්ථාවල සමාජයෙන් කොන් කෙරෙන පිරිසක් ලෙස සැලෙකන අතර, ඇතැම් දෙනා යාචකයන් ලෙසත්, තවත් අය නර්තනයෙන් හා ලිංගික වහල් සේවයෙන් එදිනෙදා ජීවත් වීමට මුදලක් සොයා ගන්නා බව කියැවෙයි.
පාකිස්තානයේ පෞද්ගලික පුවත් නාලිකාවක් වන කොනූර් හි සේවයට එක්වූ මෙම නිවේදිකාව මර්වියා මලික් ලෙස හැඳින ගැනෙයි. ජනමාධ්‍ය උපාධියක් හිමි ඇය කලක් නිරූපිකාවක් ලෙසද කටයුතු කර තිබේ.
ඇය බී.බී.සී.ය වෙත පවසා තිබුණේ තමන්ට රැකියාවක් හිමිවන බව දැනගත් විට දෙනෙතට කඳුළු නැගුණු බවයි.
මාස තුනක පුහුණුවකින් පසුව ඇය පසුගිය සිකුරාදා දිනයේදී සිය ප්‍රථම රූපවාහිනී ආගමනය සිදුකර තිබුණේ ප්‍රධාන නිවේදිකාව බවට පත්වෙමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

