පාකිස්තානයේ වයස අවුරුදු 6ක දැරියක පසුගිය මාසයේ දූෂණය කර මරා දැමීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුට මනුෂ්‍ය ඝාතන චෝදනා හතරක් යටතේ දඬුවම් නියම වී තිබේ.
24 හැවිරිදි ඉම්රාන් අලී නැමති සැකකරු සායිනාබ් අන්සාරි දැරිය රවටාගෙන ගොස් දූෂණය කර ඇගේ සිරුරු කුණු ගොඩකට වීසිකර තිබියදී සොයාගැනුණේ පසුගිය ජනවාරි 09 වැනිදාය.
ඇගේ මරණය හේතුවෙන් රට පුරා උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, බොහෝ පළාත්වල උද්ඝෝෂණ ව්‍යාපාර අතිශය කලහකාරී ස්වරූපයක් ඉස්ලීය. එය කොතරම් උත්සන්න වූයේද යත් පොලීසිය හා ගැටුම්වලින් පුද්ගලයන් දෙදෙනෙකුට ජීවිත පවා අහිමි විය.
නඩු තීන්දුව ප්‍රකාශයට පත්වන අවස්ථාවේදී දැරියගේ පියාද අධිකරණයේ සිටි අතර, එය දැඩි ආරක්ෂාවක් යටතේ සිදුකෙරිණි.