පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ වේල්ලක් ඉදිකරමින් සිටි සේවක පිරිසක් වෙත ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් එල්ල කරන ලද ප්රහාරයක් හේතුවෙන් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
පොලීසිය පවසන පරිදි ප්රහාරකයන් එහි ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබීමෙන් පසු එහි සේවය කරමින් සිටි පිරිසටද වෙඩි තබා ඇති බවයි.
තලේබාන් සංවිධානය හා සම්බන්ධ බලෝක් යනුවෙන් හැඳින්වෙන බෙදුම්වාදී කණ්ඩායමක් මෙම ප්රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, ඔවුන් ඉරාන දේශසීමාවේ පවතින බලුකිස්තානයේ බෙදුම්වාදී සටන්වල නිරත වෙයි.