පාකිස්තානයේ ඉස්ලාම් අන්තවාදීන්ගේ ආගමික නායකයෙකු ලෙස සැලකෙන මුම්ටාස් කාද්රි පසුගිය සතියේ එල්ලා මැරීමට විරෝධය පාමින් එරට ෂාබ්කාදර් අධිකරණය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කෙරිණි.
මෙම බෝම්බ ප්රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටි අතර, තවත් 30කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව පොලීසිය කියයි.
2011 වසරේදී පන්ජාබ් ආණ්ඩුකාරවරයා ඝාතනය කිරීම මුම්ටාස් එල්ලා මැරීමට ප්රධාන හේතුව වී තිබුණි.
ෂාබ්කාදර් පිහිටා ඇත්තේ රජයේ හමුදාවන් විසින් ඉස්ලාම් අන්තවාදීන් සම්පූර්ණයෙන්ම පළවා හැරි දිස්ත්රික්කයක් ලෙස සැලකෙන මෝහ්මන්ඩ් ආශ්රිතවය.