ලොව පුරා වෙසක් දිනය සමරන සැමට ප්‍රීතිමත් හා සාමයෙන් පිරි වෙසක් මංගල්‍යයකට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක්කරන බව එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
ලොව පුරා බෞද්ධ ප්‍රජාව සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේගේ ජීවිතය හා ඉගැන්වීම් උත්කර්ෂවත්ව සමරන මේ මොහොතේ, බෞද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් වන දයානුකම්පාව, සාමය හා ඉවසීම පිළිබඳ විශ්වීය සාරධර්ම අගය කිරීමට සහ ගෞරවාදරයට පත්කිරීම සඳහා ඇමෙරිකාවද එක්වන බව ඔහු කියයි.
ලොව පුරා වෙසක් දින සමරන බෞද්ධයන් හා එක්වීමට විවිධත්වයෙන් හා උදදාමයෙන් යුතු බෞද්ධ ප්‍රජාවක් එක්සත් ජනපදය සතුවීමද ආඩම්බරයක් බවත්, සහශ්‍ර දෙකකට වැඩි කාලයක් බුදු දහමෙහි ආධ්‍යාත්මික හා සංස්කෘතික හරයන් පොදු මානව වර්ගයා සොරවත් කර ඇති බවත් හෙතෙම කියයි.