පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටාර්ටේ දකුණු කොරියාවේදී ප්‍රසිද්ධ වේදිකාවක එරට සේවයේ නියුතු පිලිපීන ජාතික තරුණියක ප්‍රසිද්ධියේ සිප වැළඳ ගැනීම විවේචනයට ලක්වෙමින් තිබේ.
දකුණු කොරියාවේ සේවයේ නියුතු පිලිපීන ජාතිකයන් අමතමින් කතා කළ ජනාධිපතිවරයා පසුව වේදිකාවට ඇරයුමක් සිදුකරන අතර, එහිදී තරුණියන් දෙදෙනෙකු වේදිකාවට පැමිණෙයි.
එහිදී, එක් තරුණියකට හාදුවක් දෙමින් ඇය වැළඳ ගන්නා ජනපති, පසුව අනෙක් තරුණියගෙන් මුවට මුව තබා හාදුවක් ප්‍රසිද්ධියේම ඉල්ලා සිටියි.
මෙහිදී, අදාළ තරුණිය පවා යම් අපහසුතාවකට පත්වන අතර, පහළ සිටින පිරිසගේ ඔල්වරසන් මධ්‍යයේ ජනපතිවරයා ඇයගේ මුවට මුව තබා හාදුවක් ලබාදී, පසුව ඇයව වැළඳ ගනී.
කෙසේ වෙතත්, විවාහය පිළිකුල් කරන්නෙකු ලෙසත්, ස්ත්‍රී ලෝලියෙකු ලෙසත් ප්‍රකට ජනපතිවරයාගේ මෙම ක්‍රියාව පිලිපීනයේ මානව හිමිකම් සංවිධානවල විරෝධයට හා විවේචනයට ලක්වෙමින් තිබේ.
විවාදයට තුඩුදුන් චරිතයක් ලෙස ප්‍රකට පිලිපීන ජනපති ඩුටාර්ටේ කාන්තාවන් වෙත මෙවැනි අශෝභන හැසිරීම් පෙන්වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.