ලෝකයේ ප්රධාන නගර හතරක එළැඹෙන දශකය මැද භාගය වනවිට, එනම් 2025 පමණ වනවිට ඩීසල් මෝටර් රථ සහ ට්රක් රථ භාවිතය තහනම් කිරීමට සූදානම් වෙයි.
පැරීසිය, මෙක්සිකෝ සිටි, මැඩිරිඩ් සහ ඇතන්ස් යන නගරවල නගරාධිපතිවරු මෙම තීරණයට එළැඹ ඇත්තේ එම නගරවල වායු දූෂණය අවම කරමින්, පිරිසුදු වාතාශ්රය පවත්වා ගැනීම වෙනුවෙනි.
ඒ වෙනුවට භාවිත කළ හැකි වාහන සඳහා දිරිගැන්වීම් ලබාදෙන අතරතුර, පාපැදි හා පයින් ගමන් කිරීම ප්රවර්ධනය කිරීමටද කටයුතු කරන බව එම නගරාධිපතිවරු පවසා තිබේ.
මෙක්සිකෝවේදී මෙම නගරවල නගරාධිපතිවරු අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ.