ප්‍රතිජීවක ඖෂධවලින් පාලනය කළ නොහැකි හා මිනිසාගේ ශරීර සෞඛ්‍යයට ප්‍රබල තර්ජනයක් එල්ල කරන බැක්ටීරියා වර්ග ලැයිස්තුගත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.
මෙම ලැයිස්තුවේ මුලටම ඊ.කොයිල් හෙවත් කිසියම් රෝගාබාධයකින් දුර්වල තත්ත්වයකින් පසුවන රෝගීන්ගේ රුධිර සංසරණය ආශ්‍රිතව මරණීය ආසාධන හා නියුමෝනියා තත්ත්ව ඇති කරන බැක්ටීරියාව නම් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එලඹෙන G20 සමුළුවට පෙර මෙම ලැයිස්තුව සාකච්ඡාවට බඳුන් කරමින්, ආසාධනයන්ට එරෙහිව ප්‍රතිජීවක ඖෂධ නිපදවීම සඳහා ලෝකය තුළ විවිධ රාජ්‍යයන් හි අවධානයට ලක්කරන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ වනවිට ඖෂධවලින් ප්‍රතිකාර කළ නොහැකි පශ්චාත් ප්‍රතිජීවක යුගයක කඩඉමටම ළඟා වී ඇති බවයි. මේ තත්ත්වය තුළ දැනට පවතින සාමාන්‍ය ආසාධනයක් පවා ව්‍යාප්තව ගොස් මාරාන්තික තත්ත්වයක් ඇතිකළ හැකි බවද ඔවුහු අනතුරු අඟවති.
විශේෂයෙන්ම ඖෂධ සමාගම් විසින් අධික ලාභ ඉපයීමේ හා පහසුවෙන් නිපදවිය හැකි ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කෙරෙහි පමණක් වැඩි අවධානයක් යොමුකිරීම තුළ මේ තත්ත්වය තවදුරටත් අවදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.