පැරිස් ප්‍රහාරයට සම්බන්ධව පසුගියදා අත්අඩංගුවට පත් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෙකු වූ සලාහ් අබ්දේසලාම්ගේ අපරාධ සහායකයාගේද ඩී.එන්.ඒ. හඳුනාගෙන ඇති බව බෙල්ජියම් අභිචෝදකයෝ පවසති.
24 වැනි වියෙහි පසුවන මොහු නජීම් ලාච්රෝයි ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු මේ වනවිට පොලීසියට කට්ටි පනිමින් සිටින බව බලධාරීන් කියයි.
නිවේදනයක් නිකුත් කරමින් අභිචෝදකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මොහු මේ වනවිට ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරන බවත්, ඔහු ජීවත් වූ නිවාසවල සිදුකළ ඔහුගේ ඩී.එන්.ඒ. හඳුනාගැනීමට හැකි වූ බවත්ය.
අබ්දේසලාම් පසුගිය සිකුරාදා බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේදී අත්අඩංගුවට පත්වූ අතර, ඔහු තවදුරටත් ප්‍රශ්න කිරීම්වලට ලක්ව සිටියි.
පසුගිය නොවැම්බර් මාසයේදී සිදුවූ පැරිස් ප්‍රහාරයේදී පුද්ගලයන් 130 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර, ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්දේ ඉදිරියේදී එම මියගිය අයගේ ඥාතීන් හමුවීමටද නියමිතය.